ඇමෙරිකා ජනපද 16 ක් ට්‍රම්ප්ට එරෙහිව නඩු මඟට
ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රැස් කර ගැනීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ‘හදිසි තත්ත්වයක්‘ ප්‍රකාශයට පත් කරමින් සිය විධායක බලතල අතට ගැනීමට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවේ ජනපද 16 ක් ට්‍රම්ප් පරිපාලනයට ඓරෙහිව නඩු පවරා ඇත.
ජනාධපති ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත්තේ කැලිෆෝනියා, කොලරාඩෝ, කනෙනිකට්, ඩෙලවෙයා, හවායි, ඉලිනෝයි, මේන්, මේරිලන්ඞ්, මිචිගන්, මිනසෝටා, නෙවාඩා, නිව් ජර්සි, නිව් මෙක්සිකෝ, නිව්යෝක්, ඔරෙගන් සහ වර්ජීනියා යන ප්‍රාන්ත යැයි ද පැවැසෙයි.
ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීම ජනාධිපති ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකි. ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් හෝ දේශසීමා යකඩ වැටක් හෝ ඉදිකිරිමට ප්‍රතිවාදි ඩිමොක්‍රටික්වරුන් විරෝධය දක්වයි. ට්‍රම්ප් සිය විධායක බලය අතට ගනිමින් කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) අභිබවා යෑමට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේ ඒ නිසාය.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

