ඇමෙරිකා චීන සබඳතා තරවෙයි



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ඇමෙරිකාවත් චීනයත් අතර පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර හමුදා සහයෝගීත්වයක් වර්ධනය කර ගැනීමට පැය 4 ක සාකච්ඡාවලින් පසු ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ එකඟතාවක් ඇති කර ගැණුනු බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.

චීන ජනාධිපති ෂි ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිනිමින්, කැලිෆෝනියාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමටය.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ද එම සමුළුවට සහභාගී වූ අතර, ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වූයේ කැලිෆෝනියාවේ වුඞ්සයිඞ් නුවර නිවාඩු නිකේතනයකදීය.

බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, චීන ජනාධිපතිවරයා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන 21 වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ද චීන ජනාධිපතිවරයා සහභාගී විය.

ඇමෙරිකාව සහ චීනය එකිනෙකාට පනවා ඇති වෙළෙඳ සම්බාධක සහ තීරුබදු ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්, තායිවානය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන්, ආසියානු කලාපයේ චීනයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායල හමාස් ගැටුම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS