ඇමෙරිකා ක්රීඩිකාවෝ සම වැටුප් ඉල්ලති

ඇමෙරිකා ජාතික පා පන්දු (ෆුට්බෝල්) කාන්තා කණ්ඩායම ද පිරිමි ක්රීකයන්ට සමාන වැටුප් ලබා දෙන්නැයි ඉල්ලමින් නඩු මඟට යොමු වී ඇති බව වාර්තා වේ.
කාන්තා කණ්ඩායම මෙම ඉල්ලීම කර ඇත්තේ ඊයේ (8) දිනට යොදුණු ජගත් කාන්තා දිනය නිමිතිකොට ගනිමිනි. කාන්තා ලෝක කුසලාන පා පන්දු තරගාවලිය තව මාස 3 කින් පැවැත්වීමට නියමිත බව ද ඇමෙරිකන් පුවත් සේවා පවසයි. එම තරගාවලියට ඇමෙරිකන් කණ්ඩායම ද ඉදිරිපත් වීමට නියමිතය.
(අල් ජසීරා)

