ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් නිරෝධායනයේ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස බියක් හේතුවෙන් ඇමෙරිකා හමුදා ප්‍රධානීන් කිහිප දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
මෙසේ නිරෝධායනයට යොමු කර ඇත්තේ ඇමෙරිකන් හමුදා ජනරාල් මාර්ක් මිලෙයි ඇතුළු හමුදා ප්‍රධානීන් පිරිසකි. ඊට හේතුව වී ඇත්තේ ඇමෙරිකන් වෙරළාරක්ෂක සේවයේ ආඥාපති අද්මිරාල් චාල්ස් රේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුවය.
අද්මිරාල් චාල්ස් රේ, හමුදා ජනරාල් මාර්ක් මිලෙයි ඇතුළු මෙම හමුදා ප්‍රධානීන් පසුගිය දා ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකට සහභාගී වූහ. අද්මිරාල් චාල්ස් රේ, කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වූයේ ඉන්පසුවය.
අද්මිරාල් චාල්ස් රේ සමීපව ඇසුරු කළ ඇමෙරිකන් වෙරළාරක්ෂක සේවයේ නිලධාරීන් රැසක් ද ස්වයං නිරෝධානයට යොමු කර ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ වනවිට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආර්යාව මෙලානියා ඇතුළු ධවල මන්දිරයේ බොහෝ දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. ඊට ප්‍රධානතම හේතුව මුහුණු ආවරණ පැලඳීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමච්චලයට ලක් කිරීම යැයි වෛද්‍යවරු පෙන්වා දෙති.
කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී දින 3 ක් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි ට්‍රම්ප් වෛද්‍ය උපදෙස් නොකතා යළි ධවල මන්දිරයට පැමිණ සිටී.
වොෂින්ටනයේදීය (රොයිටර්)

