ඇමෙරිකන්-රුසියන් බුද්ධි ප්‍රධානීන්ගේ හමුවක්



ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි ප්‍රධානී විලියම් බාර්න්ස් සහ රුසියන් විදෙස් බුද්ධි අංශ ප්‍රධානී සර්ගේ නරිෂ්කින් අතරේ හමුවක් තුර්කි රජයේ මැදිහත් වීමෙන් එරට අන්කාරා අගනුවරදී පැවැත්විණි.

බුද්ධි ප්‍රධානීන් දෙදෙනා මෙසේ හමුවුණු බව ඇමෙරිකාව පමණක් නොව, රුසියාව ද තහවුරු කර තිබේ. හමුව පැවැත්වූයේ ඇමෙරිකාවේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් යැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හමුව පැවැත්වූයේ ඇමෙරිකාව සහ රුසියාව සතු න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් යැයි ධවල මන්දිරය පවසා තිබේ. රුසියන් යුක්රේන අර්බුදය ද මෙහිදී බුද්ධි ප්‍රධානීන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් විය. ඇමෙරිකාවේ විශ්වාසය, රුසියාව යුක්රේන යුද්ධයේ දී න්‍යෂ්ටික අවි භාවිතයට ගනු ඇතැයි කියාය.

මේ අතර ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරුන් දෙදෙනාගේ එක් මාතෘකාවක් වූයේ රුසියන් යුක්රේන යුද්ධයයි.

රුසියන් යුක්රේන යුද්ධයේදී චීනයේ සහාය රුසියාවටත්, ඇමෙරිකාවේ සහාය යුක්රේනයටත් හිමිවෙයි. යුද්ධයේ දී රුසියාවට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බව චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට සහතික විය.

රුසියන් යුක්රේන අර්බුදය සාමකාමීව, සාකච්ඡා මාර්ගයෙන් අවසන් වනු දැකීම තම අරමුණ බව ද චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS