ඇමෙරිකන්-තලේබාන් සාකච්ඡා ඇරැඹේ



ඇමෙරිකා සහ තලේබාන් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් කටාර් රාජ්‍යයේ දෝහා නුවර තලේබාව් සාම කාර්යාලයේදී පැවැත්විණි. ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු දෙරට ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා, ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ ද පසුගිය වසර කිහිපය පුරාවට දෝහා තලේබාන් සාම කාර්යාලය හරහා පැවැති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුවය. සාකච්ඡා සඳහා මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. ඇමෙරිකන් සහ තලේබාන් නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වූයේ ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙනි.

යළි බලයට ආ තලේබාන් සංවිධානය උත්සාහ ගන්නේ ඇමෙරිකාව සමඟත් සෙසු විදේශ සමඟත් යහපත් සබඳතා ඇති කර ගැනීමටය. තලේබාන්වරුන් පිහිටුවා ඇති අන්තර්වාර රජය පිළිගැනීමට කිසිදු රටක් තවමත් සූදානම් නොමැත.

තලේබාන්වරුන් ප්‍රතිඥා දී ඇති අන්දමට, මානව අයිතීන් ආරක්ෂා කරමින්, බාලිකා අධ්‍යාපනයට ඉඩ සලසා දෙමින්, කාන්තා නිදහසට ගරු කරමින් ජනතා හිතවාදී පාලනයක් ස්ථාපිත කර ස්ථාවර රජයක් පිහිටුවන්නේ නම්, ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව බටහිර රටවල් බොහොමයක් පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS