ඇමෙරිකන් ජනපති චීන ජනපති කතාබහක



ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන කතාබහක් පැවැතිණි. ඒ, දෙරට අතරේ පවතින මත ගැටුම් සමථයකට පත් කර ගැනීමේ අරමුණින්ය.

ඇමෙරිකා ජනාධිපති බයිඩන් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ සමුළුවක් පසුගිය නොවැම්බරයේ කැලිෆෝනියාවේ පැවැත්විණි. එහිදී ද දෙරට අතරේ අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඉන්පසු බයිඩන් සහ ජින්පින් කතාබහ කළේ ඊයේ (2) පැවැති දුරකතනය සන්වාදය ඔස්සේය. ඇමෙරිකාවත් චීනයත් ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියයි. 

කෙසේ නමුත් දෙරටේ වෙළෙඳ කටයුතු සිදුවන්නේ පනවා ඇති දැඩි කොන්දේසි අනුවය. එම කොන්දේසි ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS