ඇමෙරිකතන් ජනපති බයිඩන් ජාතිය අමතයි



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමැතුවේය. ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමෙන් පසු  බයිඩන් මෙසේ ජාතිය ඇමතුවේ පළමු වරටය.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට, රූපවාහිනිය ඔස්සේ, බයිඩන් ජාතිය අමතමින් කියා සිටියේ, තමන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ, තමන් නිසා තම ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක් ඇති වූ බැවින් බවය.

තමන් උප ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළ උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහයෝගය දක්වන මෙන්, ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකන් ඉල්ලීමක් ද කළේය. 
81 හැවිරිදි ජෝ බයිඩන් ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයාය.

බයිඩන්ගේ පළමු ධුර කාලය ආරම්භ වූයේ 2021 වසරේදීය. එම ධුර කාලය මෙම 2024 වසරේ දී අවසන් වෙයි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකක් සම්පූර්ණ කළ හැකි බැවින්, මෙම නොවැම්බර් 5 පැවැත්වෙන ජනාධිපතිවරණයට බයිඩන් ඉදිරිපත් වීමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් ඊට ඔහුගේ වයස හරස් විය.

බයිඩන් තව දුරටත්, ජනාධිපති ධුරයට සුදුසු නැතැයි, ඩිමොක්‍රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වූ අතර, බයිඩන්ට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් මුල්කොට ගනිමින් පක්ෂයේ බෙදීමක් හට ගැනුණි. බයිඩන්ට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගෙන් ද බලපෑම් එල්ල වූයේ ජනපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, ඒ සඳහා වෙන කෙනකු නම් කරන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, බයිඩන්, උප ජනාධිපතිනී කමලා හැරිස්, ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේය.
බයිඩන්, යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනුණේ පසුගිය සතියේය. වෛද්‍ය උපදෙස් අනුව බයිඩන්, ධවල මන්දිරයෙන් පිටවී, ඔහුගේ ඩෙලවෙයාර් ජනපදයේ නිවසට ගොස් විවේකීයව ගත කළේය. 

වෛද්‍යවරුන් පැවැසුවේ, බයිඩන් යළි ධවල මන්දිරයට පැමිණියේ ඇන්ටජන් පරීක්ෂණයකට යොමු වී, තව දුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු නොවන බව තහවුරු වී, ‘මම දැන් සුවෙන්’ යැයි පවසමිණි.

ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් තමන් කිසිම අවස්ථාවක ඉවත් නොවන බව කී බයිඩන්, එල්ල වුණු බලපෑම් මැද අපේක්ෂතත්වයෙන් ඉවත් විය. ඒ අනුව, මෙම වසරේ සිය පළමු ධුර කාලය අවසන් වීමෙන් පසු බයිඩන්ගේ ජනාධිපති ධුරයෙන් සමුගනු ඇත. 

ප්‍රතිවාදී රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ජනාධිපති වුවහොත්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වනු ඇති බවත්, එසේ වීමට ඉඩ නොදී, ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ගේ ජය තහවුරු කළ යුතු බව ද ජනාධිපති බයිඩන් පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS