ඇමසන් වන මැද කොරෝනා රෝහලක්



ඇමසන් වනාන්තරයේ ජීවත් වන ස්වදේශිකයන් වෙනුවෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ප්‍රතිකාර රෝහලක් පිහිටුවන බව පේරු රජය පවසයි.

වනාන්තරයේ හුදෙකලා වී සිටින ගෝත්‍රිකයන් අතරේ ද ‘කොවිඞ් 19’ පැතිර යන බව වාර්තා වේ. ගෝත්‍රිකයන්ට වයිරසය පැතිර ගොස් ඇත්තේ ප්‍රංශ මිෂනාරිවරුන්ගෙනි.

ආසාදිත ස්වදේශිකයන් වෙනුවෙන් මෙම රෝහල ඉදිවනු ඇත්තේ බ්‍රසීල පෙරු දේශසීමාවේ ඇමසන් වනාන්තරයේ උකයියාලි නමැති පළාතයේය. ඇඳන් 100 කින් රෝහල සමන්විත වනු ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS