ඇමසන් බේරා ගන්න ‘ජී7’ නායකයෝ පෙළ ගැසෙති

ළැව් ගින්නෙන් දැවෙන ඇමසන් වැසි වනාන්තරය බේරා ගැනීමට තාක්ෂණික මෙන්ම මූල්‍ය සහාය ලබා දීමට ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන ‘ජී7’ කණ්ඩායමේ රටවල නායකයන් අතර එකඟතාවක් ඇතිකර ගැණින.
‘ජී7’ රාජ්‍ය නායක සමුළුව මේ වනවිට ප්‍රංශයේ වෙරළාශ්‍රිතව බියාරිට්ස් නගරයේ දී පැවැත්වෙයි. ‘ජී7’ කණ්ඩායමට අයත් සාමාජික රටවල් වන්නේ ප්‍රංශය, ඇමෙරිකාව, ඉතාලිය, කැනඩාව, ජර්මනිය, ජපානය සහ මහා බ්‍රිතාන්‍යයයි.
සමුළුවේ සත්කාරකරු වන ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, සමුළුව ආරම්භ වීමට පෙර සිටම කියා සිටියේ තමා මැදිහත් වී, පෘථිවියේ ජීව නාළිය වන ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂාකර ගැනීමට සෙසු ‘ජී 7’ නායකයන් එකඟ කර ගන්නා බවය.
මෙවර ‘ජී7’ සමුළුවේදී වැඩි අවදානයක් යොමු වී ඇත්තේ ද ඇමසන් වනාන්තරයේ හටගත් ළැව් ගිනි සම්බන්ධයෙනි. මෙම ළැව් ගිනි පැතිර යන්නේ බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේය. ඇමසන් වැසි වනාන්තරය ලතින් ඇමෙරිකා රටවල් රැසක් පුරා පැතිරී පවතින අතර, වනාන්තරයෙන් සියයට 60 ක ප්‍රමාණයක් අයත් වන්නේ බ්රසීලයටය.
පැරිසියේදීය (රොයිටර්ස්)

