ඇමරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්



සෞදි රජු, සල්මන් බින්අබ්දුල් අසීස්අල්සවුද්ට ඇමරිකානු ජනාධිපති, ඩෙනල්ඩ් ට්‍රම්ප් දුරකථනයෙන් කථා කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කලාපීය සහ අන්තර්ජාතික ප්‍රශ්න වලදී මිතුරන් ලෙස එකිනෙකා ක්‍රියා කල ආකාරය මෙන්ම ඓතිහාසික බැඳීම් පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

ත්‍රස්තවාදය නැති කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රධාන භූමිකාවක් නිරූපණය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සෞදි රජුට ප්‍රශංසා කර ඇත.

මැදපෙරදිග සංවර්ධනය කිරීම, ත්‍රස්තවාදය නැතිකිරීම සහ කලාපයේ ආරක්ෂිව සහ ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා රටවල් දෙක අතර එකාබද්ධ වැඩසටහනක අවශ්‍යතාවය ඇමරිකානු ජනාධිපතිවරයා දුරකථන සංවාදයේදි අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS