ඇපල් සමාගම ඉන්දියාව තෝරා ගනී



ඇපල් සමාගම ඔවුන්ගේ ‘අයිපොඩ්’ සහ ‘බීට්ස්’ නිෂ්පාදන කටයුතු ඉන්දියාවට මාරු කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට ඇපල් සමාගම ඔවුන්ගේ ‘අයිපොඩ්’ සහ ‘බීට්ස්’ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ චීනය සමගය.

ඇපල් සමාගම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු ඉන්දියාව සමඟ සිදු කිරීමට ගත් තීරණය ඉන්දියාවට ලොකු වාසියක් වනු ඇති බව පැවැසෙයි.

ඇපල් සමාගම චීනය මඟ හැර ඉන්දියාව තෝරා ගැනීමට තීරණය කර ඇත්තේ චීනයේ ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බැවිනි.

(Nikkei Asia ඇසුරිනි)


RECOMMEND POSTS