ඇපමත නිදහස්



අත්අඩංගුවට ගනු ලැබ සිටි මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් ඇපමත නිදහස් කිරීමට එරට ඉහළ අධිකරණය  තීන්දු කළේය.

අබ්දුල් ගයුම් යනු පසුගියදා පැවැති මාලදිවයින ජනාධිපතිවරණයෙන් පරාජයට පත් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අඩ සොහොයුරාය.  අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරියේය. ඒ, ජනාධිපති යමීන්ගේ රජය පෙරැළීමට කුමන්ත‍්‍රණය කරන බවට චෝදනා කරමිණි.

පසුගිය දා පැවැති මාලදිවයින ජනාධිපතිවරණයෙන් අබ්දුල්ලා යමීන් ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී පක්ෂය පරාජයට පත් වුණු අතර, විපක්ෂ දේශපාලන කණ්ඩායම වුණු මාලදිවයින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජයග‍්‍රහණය කළේය.

(එන්.ඞී.ටීවී)


RECOMMEND POSTS