ඇන්තනි ෆවුචිට කොරෝනා



‘කොවිඩ් 19’ වසංගතය ඇමෙරිකාවට පැමිණීමට පෙර සිටම, ඒ ගැන ඇමෙරිකානුවන්ට අනතුරු අඟවමින්, දැනුවත් කරමින්, සෞඛ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළ වෛද්‍ය ඇන්තනි ෆවුචි ට‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

‘කොවිඩ් 19’ වසංගතය ඇමෙරිකාවට ව්‍යාප්ත වීම සිදුවූයේ ඩෙනල්ඩ් ට්‍රම්ප් එරට ජනාධිපති ධුරය හොබවද්දීය. ඒ වනවිට ඇමෙරිකාවේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධානියා ලෙස ෆවුචි, ‘කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීමට උපදෙස් ලබා දුන්නත්, ට්‍රම්ප් පරිපාලනය ඊට කන් දුන්නේ නැත.

ඒ අනුව, ඇමෙරිකානුවන් ද වයිරසය අවතක්සේරු කළේය. ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතින් ඇමෙරිකාව ලොව අංක එක ස්ථානයට පත් වූයේ ඒ අනුවය.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඇන්තනි ෆවුචිට නිසි ගෞරවය ලබා දීමට පියවර ගැණුනි. බයිඩන් සිය ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයා බවට ද ෆවුචි පත් කරගෙන සිටී.

'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු වෛද්‍ය ෆවුචි නිරෝධානය වී සිටින බවත් සෞඛ්‍ය උපදෙස් අනුව ක්රිමයා කරන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ෆවුචි, 'කොවිඩ් 19' සඳහා නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන ඇති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS