ඇන්ටාක්ටිකාවෙනුත් කොරෝනා හමුවෙලා
ඇන්ටාක්ටික් මහද්වීපයෙන් පවා මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඒ අනුව, මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොව සෑම අස්සක් මුල්ලක් පාසාම ව්‍යාප්තවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ පිහිටි, චිලී රටට අයත්, බර්නැන්ඩෝ ඕහිගන්ස් පර්යේෂණ කඳවුරෙනි. කඳවුරෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 36 කි.
එම 36 දෙනාගෙන් 26 දෙනකු චිලී හමුදා නිලධාරීන් බවත් සෙසු පිරිස වෛද්‍ය පර්යේෂකයන් සහ විද්‍යාඥයන් ද ඇතුළු සිවිල් වැසියන් බවත් පැවැසෙයි.
චිලී යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයක් වන අතර ඇන්ටාක්ටිකා මහද්විපය පිහිටා ඇත්තේ ලතින් ඇමෙරිකාවට පහළිනි. ඇන්ටාක්ටික් මහද්වීපයේ තවත් රටවල් කීපයක පර්යේෂණ කඳවුරු ස්ථාපිත කර ඇති අතර, ඒවායින් තවමත් කිසිදු ආසාදිතයකු හමුවී නැතැයි ද පැවැසෙයි.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ මීට වසරකට පෙර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඇන්ටාක්ටිකාවෙන් ද ආසාදිතයන් හමුවීමත් සමඟ වයිරසය රටවල් සහ පාලන ප්‍රදේශ 218 කට පැතිර ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ ඇත්තේ ඉන්දියාවය. තෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. ඇමෙරිකාවට පසු වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
ඊයේ (24) වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 79,057,222 ක් ලෙස සටහන් විය. සමස්ත කොරෝනා මරණ වාර්තා වූයේ 1,737,748 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 55,648,450 ක් යැයි ද පැවැසෙයි.
ලීමාහිදීය (ඒ.එෆ්.පී.)

