ආහාර නාස්තිය එරෙහි නව නීති



ආහාර නාස්තිය වැළැක්වීම සඳහා ස්පාඤ්ඤය නව නීති ගෙන ඒමට පියවර ගනිමින් සිටින අතර මේ වනවිට ඒ සඳහා කෙටුම්පතක් ද සකසා ඇත.

මේ අනුව සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, බීමහල් යනාදියට මෙන්ම ඒවායේ පාරිභෝගිකයන් ද මෙම නව නීතිවලට යටත් වේ.

ගෙන ඒමට නියමිත නව නීතිවලට අනුව බීමහල් හෝ ආපනශාලාවල හෝ ආහාර ගෙන ඉතිරි වන ආහාර රැගෙන යෑම සඳහා අදාළ ස්ථාන ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ඇසුරුම් හෝ බෑග් හෝ සැපයිය යුතු වේ.

ස්පාඤ්ඤයේ සමාජාවදී ප්‍රමුඛ ආණ්ඩුව මෙම නව නීති කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

එරට වාර්ෂික ආහාර නාස්තිය ටොන් 1,300ක් ලෙස ගණන් බලා තිබේ. එම ගණනය කිරීම්වලට අනුව ආහාර නාස්තිය එක් පුද්ගලයකුට කිලෝග්‍රෑම් 31ක් යැයි පැවසේ.

ස්පාඤ්ඤයේ කෘෂිකාර්මික, ධීවර සහ ආහාර අමාත්‍යවරයා වන ලුවිස් ප්ලානාස් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පතට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර 2023 මුල සිට ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි පැවසේ.

ප්‍රංශය සහ ඉතාලිය යන රටවල් ද මේ ආකාරයේ පියවර ගෙන තිබේ.

මෙම නව නීති කඩන පුද්ගලයන් යූරෝ 60,000 දක්වා දඩවලට යටත් වනු ඇතැයි පැවසෙන අතර එකම වරද කිහිපවරක්ම සිදු කරන පුද්ගලයන්, ආපනශාලා, බීමහල් හෝ සුපිරි වෙළෙඳසැල් යූරෝ 500,000 දක්වා දඩ මුදල්වලට යටත් වනු ඇතැයි පැවසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS