ආසියාවේ ස්ථාවරභාවයට චීනය තර්ජනයක්



ආසියාවේ ස්ථාවරභාවයට චීනය තර්ජනයක් යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මේ බව කියා සිටියේ, එරට වැඩ බලන ආරක්ෂක ලේකම් පැටි්‍රක් ෂැනන්ය.

සිංගප්පූරුවේ ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුව ඊයේ පැවැත්වුණු අතර ඇමෙරිකා වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ඊට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වීය.

දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් ආසියානු කලාපීය රටවලට තර්ජනයක් බව වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර චීනය පෙන්වා දී ඇත්තේ පවතින අර්බුදය කොතරම් දුරදිග ගියත් තමන් ඇමෙරිකාව සමඟ යුද්ධයකට යෑමෙන් වැළකී සිටින බවය.

සිංගප්පූරුවේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS