ආසාදියන් ගණන 99,290,000 ක්



ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියන 100 පසු කිරීමට ආසන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊයේ (23) වනවිට ලොව නන්දෙසින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 99,290,000 පසු කර තිබුණි. මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිත මරණ 2,128,426 ක් බවත්, සුවය ලැබූ ගණන 71,335,566 ක් බවත් වාර්තා වේ.

තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන 25,600,000 පසු කර ඇති අතර, මරණ වාර්තා වන්නේ 4,27,600 ක් ලෙසය.

දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 10,655,435 ක් වන අතර මරණ වාර්තා වන්නේ 1,53,376 කි.

ඇමෙරිකාවට පසු වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයේ ‘කොවිඩ් 19’ මරණ සංඛ්‍යාව 2,16,475 ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 8,816,254 කි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS