ආසාදිතයෝ වැඩිවෙලා



‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූ චීනයේ මෙන්ම වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වූ දකුණු කොරියාවෙන් ද නව ආසාදිතයන් හමුවෙමින් පවතින බවත් ගතවුණු පැය 24 ඇතුළත දෙරටින් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 48 ක් බවත් වාර්තා වේ.

ගතවුණු පැය 24 ඇතුළත චීනයෙන් හමුවුණු නව ආසාදිතයන් ගණන 14 කි. ඔවුන්ගෙන් 12 දෙනකු රට තුළින් හමුවුණු ආසාදියන් බවත් ඉතිරි දෙදෙනා විදේශවලින් චීනයට පැමිණි චීන ජාතිකයන් බවත් පැවැසෙයි.

දකුණු කොරියාවෙන් ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 34 ක් බව පැවැසෙයි. දකුණු කොරියාව ඉතා සාර්ථක ලෙස ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගත්තේය. එසේ පාලනවය කර තිබියදී දකුණු කොරියාව මහ මැතිවරණය ද පැවැත්වීය. දකුණු කොරියානුවන් පසුගිය දා වෙසක් උත්සවය ද පැවැත්වූයේ සමාජ දුරස්තභාවය රැක ගනිමිනි.

සෝල් අගනුවරින් පවා මේ වනවිට ආසාදිතයන් හමුවී ඇති අතර, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ජනතාව දැනුවත් කර ඇත්තේ වයිරසයේ තර්ජන තවමත් අවසන් නොමැති බවත් ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට පියවර ගත යුතු බවත්ය.

බීජීං/සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS