ආසාදිතයෝ රෝහලෙන් පැනයති

‘කෝවිඞ් 19’ ආසාදිත රෝගීන් 37 දෙනකු ඇෆ්ගනිස්තානයේ රෝහලකින් පලා ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම රෝගීන් 37 දෙනා ඔවුන්ගේ ඥාතීන්ගේ ද සහාය ඇතිව රෝහල් සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ට පහර දෙමිනි. පලා ගිය පිරිස වහා සොයා ගැනීමට කඩිනම් මෙහෙයුමක් ආරම්භ කළ බව ඇෆ්ගන් හමුදාව පවසා තිබේ.
වසර ගණනාවක් ඉස්ලාමීය ත්රස්තවාදීන්ගේ තර්ජන ගර්ජන මැද ඇෆ්ගන් වැසියන්ට සහ ඇෆ්ගන් රජයට අලුත් සතුරකු සමඟ සටන් වැදීමට සිදුවී ඇත. ඒ, ‘කෝවිඞ් 19’ වයිරසය යැයි ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී පවසා ඇත.
යුද ගැටුම් හේතුවෙන් දේශසීමා හරහා ඉරානයට පලා ගිය ඇෆ්ගන් සිවිල් වැසියන් 70,000 ක් වයිරසයට බියෙන් ආපසු ඇෆ්ගනිස්තානයට පැමිණ ඇතැයි ද වාර්තා වේ. චීනයෙන් පිට, ඉතාලියට අමතරව වැඩිම වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉරානයෙනි.
කාබුල්හිදීය (රොයිටර්)

