ආසාදිතයන් දෙලක්ෂ හැට දහසක්



ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 261,500 දෙනකු වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (18) පෙරවරුවේ නිවේදනය කළේය.

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මේ වනවිට මිලියන 14.8ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

නව කොරෝනා වයිරසයෙන් තවමත් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 31 ඉක්මවයි.

අවසන් පැය 24ක කාලයේ දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,501ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 177,150ක් දක්වා ඉහළ ගොස් ඇත.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS