ආමේනියාවේ බෝම්බයක් පිපිරේ



ආමේනියාවේ, යෙරේවාන් අගනුවර බෝම්බයක් පුපුරා ගියේය.

පිපිරුමෙන් අවට ගොඩනැගිලි බිමට සමතලා වූ බවත් බොහෝ දෙනකු සුන්බුන් අතරේ සිරවී සිටින බවත් වාර්තා වේ.

මියගොස් ඇත්තේ එක් අයකු පමණක් යැයි ද පැවැසෙයි. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 22 කි.

බෝම්බය පුපුරා ගියේ වෙළෙඳපොළකය.

පිපිරුමත් සමඟ ගින්නක් ද හටගත් බව පැවැසෙයි. සහන සේවකයන් වහා ක්‍රියාත්මක වී සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගන්නා බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS