ආනෝල්ඞ්ට හදවත් සැත්කමක්



සුපිරි හොලිවුඞ් ක්‍රියාදාම නළු ආනෝල්ඞ් ස්වාසනෙගර් හදවත් සැත්කමකට ලක්වුණු බවත්, සැත්කමින් පසු ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ආනෝල්ඞ් කැලිෆෝනියා ජනපදයේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත. ඇතැම් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ ආනෝල්ඞ් විවෘත හදවත් සැත්කමකට භාජන වූයේ හදිසියේ කියාය.

කෙසේ නමුත් ආනෝල්ඞ්ගේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ එය කල්තියා දැනගෙන සැලැසුම් කිරීමෙන් පසු සිදුකළ සැත්කමක් කියාය.
ආනෝල්ඞ්ට හෘද රෝගයක් ඇති බව දැනගන්න ලැබී ඇත්තේ 1997 වසරේදීය. ඉන්පසු ඔහු ඒ සම්බන්ධයෙන් දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර, සැත්කමක් කළ යුතු තත්ත්වයට පත්වුණු අවස්ථාවේදී සැත්කම සිදු කළ බව ප්‍රකාශකයා වැඩි දුරටත් කියා ඇත.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS