ආණ්ඩුකාරවරිය පැහැර ගැනීමේ තැත වරදී

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය පැහැරගෙන යෑමේ සැලැස්මක් ව්‍යර්ථ කළ බව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. කාර්යාංශය පවසයි. පැහැර ගැනීමට සැලැසුම් කර ඇත්තේ මිචිගන් ප්‍රාන්තයේ ඩිමොක්රටික් පාක්ෂික ආණ්ඩුකාරවරිය ග්රෙචන් විට්මර්ය.
අධිකරණය ලබා දී ඇති නියෝග නොසලා, මිචිගන් ප්‍රාන්තයේ වැසියන් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුකාරවරිය තීන්දු තීරණ කීපයක් ගෙන තිබේ. ඒ, සිය බලතල අනුව, නිරෝධායන නීති පනවමිනි.
ඇය පැහැරගෙන ගොස්, ධුරයෙන් ඉවත් වීමට බල කිරීමට සුදු අන්තවාදී කණ්ඩායමක් උත්සහ ගෙන ඇත. ඔවුන් රිපබ්ලිකන් පාක්ෂිකයන් බවත්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදීන් බවත් පැවැසෙයි.
ආණ්ඩුකාරවරිය පැහැරගෙන යෑමට තැත් කළේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනකු මිචිගන් වැසියන් බවත් අනෙකා ඩෙලවෝර් ප්‍රාන්ත වැසියකු බවත් එෆ්.බී.අයි. කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මොවුන් සියලු දෙනා මිචිගන් හි ක්‍රියාත්මක සන්නද්ධ සුදු අන්තවාදී කල්ලි සාමාජිකයන් යැයි ද පැවැසෙයි.
තමා පැහැර ගැනීමට උත්සහ කළ පිරිස ට්‍රම්ප් ආධාරකරුවන් යැයි මාධ්‍ය හමුවේ ආණ්ඩුකාරවරිය චෝදනා නගා ඇති අතර, ධවල මන්දිරය ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු අවස්ථාවක අපරාධකරුවන්ට ආධාර අනුබල නොදෙන බවය.
ඩුබ්ලින් (රොයිටර්)

