ආජන්ටිනාවට වාමාංශික ජනපතිවරයෙක්



ආජන්ටිනා ජනාධිපතිවරණයෙන්, මධ්‍ය වාමාංශික විපක්ෂ අපේක්ෂක ඇල්බර්ටෝ ෆර්නැන්ඬේස් ජය හිමිකර ගත්තේය. ඒ, දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන්, කොන්සවර්ටිව් පක්ෂය නියෝජනය කළ ජනාධිපති මුරිසියෝ මාර්සි පරාජය කරමිනි.

60 හැවිරිදි ඇල්බර්ටෝ ෆර්නැන්ඬේස්, සියයට 45 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණැයි ආජන්ටිනා මැතිවරණ කොමිසම පවසා ඇත. තම උප ජනාධපති ලෙස ඇල්බර්ටෝ ෆර්නැන්ඬේස් විසින් නම් කරනු ලැබ ඇත්තේ 66 හැවිරිදි ක්‍රිස්ටිනා ෆර්නෑන්ඩස් දෙ ක්‍රිච්නර්ය.

මුරිසියෝ මාර්සි ජනපති ධුරයට පත් වූයේ 2015 දීය. කෙසේ නමුත් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ආජන්ටිනාව මුහුණ පෑ ආර්ථික අභියෝග ජය ගැනීමට මාර්සිගේ රජය සමත් වූයේ නැත. ඒ අනුව, ජනපති මාර්සි ජනතා අප්‍රසාදයට පාත්‍ර විය.

බුවර්නෝස් අයර්ස් (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS