ආජන්ටිනා වැසියෝ වීදි බසිති



ජනතා විරෝධය මැද, අය වැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ සඳහා ආජන්ටිනා සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවිය. ඒ, සමඟ ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් අගනුවර දැවැන්ත විරෝධතා පැවැත්විණි.

අගනුවරට රැස්වුණු දස දහස් ගණන විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 

ඒ සමඟ විරෝධතා උත්සන්න වූ අතර, විරෝධතාකරුවෝ ගොඩනැගිලිවලට පහර දෙන්නත් මෝටර් රථ ගිනිබත් කරන්නත් පටන් ගත්හ. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම්වලින් විරෝධතාකරුවෝ බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS