අෆ්ගනිස්තානයේ ගංවතුර: 300 ක් මරුට



අෆ්ගනිස්තානයේ පළාත් කිහිපයක ඇති වූ ගං වතුර තත්වයක් හේතුවෙන් 300 දෙනෙකු මියගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන පවසයි.

ගංවතුර තත්වය හේතුවෙන් අෆ්ගනිස්තානයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බවත් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ගොඩනැගිලි විනාශ වී ඇති බවත් මඩවලට යටවීම හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඇෆ්ගන් සහන කණ්ඩායම් ප්‍රකාශ කර ඇත.


RECOMMEND POSTS