අසාද් අමතක කරලා අපේ පැත්තට එන්න

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්රමුඛ රෙජීමය අමතක කොට තමන් සමඟ එක්වී, සිරියානු වැසියන් වෙනුවෙන් වැඩ කරමු යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්රම්ප් සහ බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත.
සිරියානු අර්බුදයේ දී රුසියානු ජනාධිපති පුටින්ගේ සහාය හිමිවන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. ඊට හේතුව මැදපෙරදිග කලාපයේ රුසියාව සතු හමුදා කඳවුරු ඇත්තේ සිරියාවේ පමණක් වීම නිසාය. සිරියානු ජනපති අසාද් දිගටම බලයේ රැඳී සිටිය යුතු තමන් අනුමත නෙකරන බව පුටින් ද පවසා ඇත.
සිරියානු සිවිල් වැසියන් ගැන සිතා, සිරියාවේ අර්බුදය අවසන් කිරීමට, අසාද් රෙජීමයට පක්ෂව කටයුතු කිරීම නැවැත්වීමට පියවර ගන්නැයි ඇමෙරිකන් ජනපති ට්රම්ප් සහ බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ වැඩි දුරටත් පවසා ඇත.
මත ගැටුම් තිබුණ ද සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති ට්රම්ප් සහ බි්රතාන්ය අගමැතිනී මේ ක්රියා කිරීමට ප්රසංශනීය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(ඒ.එෆ්.පී.)

