අවුරෝරා මගීයාත්‍රාව සලාලා වරායට සේන්දුවේ



විවිධ ජාතීන්ට අයත් සංචාරකයින් 1716ක් රැගෙන අවුරෝරා නම් මගී යත්‍රාව පසුගියදා සලාලා වරායට පැමිණ ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

අවුරෝරා මගීයාත්‍රාව ලෝකයේ ඇති විශාලතම මගී යත්‍රාව වන අතර එය ජෝර්දානයේ එකාබා වරායේ සිට ඕමානයේ ඇති ප්‍රධානතම සංචාරක ගමනාන්ත දක්වා යාත්‍රා කරනු ලබයි. 

සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වන අතර සංචාරකයින්ට විනෝදාස්වාදය ලබාදීම සදහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.

සලාලා අවට ප්‍රෙද්ශයේ සුනදරත්ව නැරඹීම, පුජනීය ස්ථාන නැරඹීම, මුහුදු වෙරළවල් වල විනෝද ක්‍රීඩා , පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීම සහ  ඩෝෆා ප්‍රෙද්ශයේ සංචාරය කිරීම ආදි විවිධ ක්‍රියාකාරකම් රාශියක් මෙම වැඩසටහනට ඇතුලත්ව ඇත.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS