අවුරුදු හතක දරුවාට අත අහිමි වේ
සෞදි අරාබියේ ජෙඩා නගරයේ පිහිටි නිවසක මස් කපන යන්ත්‍රයක් සමග සෙල්ලම් කරමින් සිටි දරුවකු නොදැණුවත්කමින් මස් කපන යන්ත්‍රය තුලට අත දමා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
දෙමාපියන් විසින් මහජන ආරක්ෂක ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැණුවත් කර ඇති අතර මහජන ආරක්ෂක ඒකකයේ නිළධාරීන් පැමිණ දරුවා ප්‍රතිකාර සදහා කිංග අබ්දුල්-අසිස් රෝහලට ඇතුලත් කර ඇත.
රෝහලේ වෛද්‍යවරුන් දරුවාගේ අත යථාතත්වයට පත්කිරීමට විශාල පරිශ්‍රමයක් දරා ඇති අතර අතට සිදුව ඇති දැඩි හානිය නිසා අවසානයේදි වෛද්‍යවරුන් විසින් දරුවාගේ අත කපා ඉවත් කිරීමට තීරණය කරන ලද බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

