අලුත් මිසයිල වැඩසටහනකට සැරැසෙනවා

මිසයිල වැඩසටහන සහ න්‍යෂ්ටික කටයුතු නවතා දමන බවට ප්‍රතිඥා දී සිටියත්, උතුරු කොරියාව රහසේ නව දිගු දුර බැලැස්ටික් මිසයිල වැඩසටහනක් ආරම්භ කිරීමට සැරැසෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලබා දුන් තොරතුරු අනුව යැයි ද පැවැසෙයි.
නව සඳහන් නොකළ ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි නිලධාරීන් මේ බව පවසා ඇත්තේ උතුරු කොරියාවට ඉහළින් රඳවනු ලැබූ ‘ඔත්තු නිරීක්ෂණ’ චන්ද්‍රිකාවලින් ලබාගත් ඡායාරූප අනුව යැයි ද වොෂින්ටන් පෝස්ට් වැඩි දුරටත් වාර්තා කර තිබේ.
(රොයිටර්)

