අලුත් ප්‍රභේද අඩපණ කරන එන්නතක්



තමන් නිපදවූ නවතම ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත, මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඒරිස් - කොවිඞ් 19’ උප වයිරස ප්‍රභේදය අඩපණ කිරීමට ද සමත් වන බව ‘ෆයිසර්’ සමාගම පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම, ‘කොවිඞ් 19’ වයිරසට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම සිදු කරන්නේ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම සමඟ හවුල් වෙමිනි.

‘කොවිඞ් 19’ වයිරසයේ සැර බාල වූයේ ගෝලීය වශයෙන් සිදුවුණු ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන නිසාය. ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ඒ අතරින් කැපී පෙනුණි.

‘කොවිඞ් 19’ වයිරසයේ සැර බාල වූයේ ‘ඔමික්‍රෝන්’ නමැති වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟය. ‘ඒරිස්’ යනු ‘ඊ.ජී.5’ යන නමින් නම් කළ වයිරස ප්‍රභේදයයි. මෙම වයිරසය ‘ඒරිස්’ යන නමින් නම් කළේ බි්‍රතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන්ය.


RECOMMEND POSTS