අලුත් න්‍යෂ්ටික එකඟතාවක්
රුසියාව සහ චීනය යන රටවල් දෙකම එකතු කර ගනිමින් නව න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
තමාගේ මෙම අදහස චීනයටත් රුසියාවටත් දැනුම් දුන් බවත්, දෙරටම ඊට කැමැත්ත දක්වා ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
ජනපති ට්‍රම්ප් මේ බව පැහැදිලි කළේ රුසියාව සමඟ ඇමෙරිකාව ඇති කරගෙන තිබුණු මිසයිල එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදීය.
(රොයිටර්ස්)

