අලුත් ආසාදිතයෝ පහක්



‘කොවිඞ් 19’ වයිරසය පාලනය කිරීමට හැකියාව ලැබුණු චීනයෙන් යළිත් වරක් නව ආසාදිතයන් 17 දෙනකු වාර්තා වී ඇති බවත්, ඔවුන්ගෙන් පස් දෙනකු වාර්තා වන්නේ වයිරසය ආරම්භ වූ වූහාන් නගරයෙන් බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

‘කොවිඞ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූයේ එය පසුගිය දෙසැම්බරයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වීමත් සමඟය.

මාස තුනකට ආසන්න කාලයක් වූහාන් නුවර වයිරසය ඉවක් බවක් නොමැතිව ව්‍යාප්ත වූ නමුත් ලොක්ඩවුන් තහංචි සහ සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම හේතුවන් වයිරසය පාලනය කර ගැනීමට හැකිවිය.

වූහාන් නුවරින් අප්‍රේල් 28 වැනිදායින් පසු ‘කොවිඞ් 19’ ආසාදිතයකු හමුවී නැත.

නව ආසාදිතයන් පස් දෙනා මහල් නිවාස සංකීර්ණයක පිරිසක් බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් සහ ඔවුන් ඇසුරු කළ පිරිස නිරෝධායනයට යොමු කළ බවත් වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සියලු පියවර ගත් බවත් වූහාන් බලධාරීහු කියති.

වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS