අල් කයිඩා දෙවැනියා මරා දැමේ

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ දෙවැනියා මෙන්ම අල් කයිඩා නායක අයිමාන් අල් සවාරිගේ සමීපතමයකු ද වන අබ්දුල්ලා මුහම්මද් රජාබ් අබ්දුල්රහමාන් මරා දැමීමට තමන්ට හැකිවුණැයි ඇමෙරිකන් ගුවන් හමුදාව කියයි.
මුහම්මද් රජාබ් අබ්දුල්රහමාන් මරා දමා ඇත්තේ සිරියාවේ ඉඞ්ලිබ් පළාතේදීය. ඒ සඳහා ඇමෙරිකන් ගුවන් හමුදාව එම්.කියු.1බී ප්‍රෙඬේටර් වර්ගයේ ඩ්‍රෝන යානාවක් යොදා ගෙන ඇතැයි ද වාර්තා වේ.
මුහම්මද් රජාබ් අබ්දුල්රහමාන් ඊජිප්තු ජාතිකයෙකි. 1998 වසරේ ටැන්සානියාවේ සහ කෙන්යාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලවලට එල්ලවුණු බෝම්බ ප්‍රහාර මෙහෙයවූයේ මොහුය.
(රොයිටර්)

