අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති



කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වූහ.

එම වැඩ වර්ජනයට අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරිය කැත්‍රීන් යාකොබ්ස්ටෝටර් ද එක් වීම සුවිශේෂි සිදුවීමකි.

අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කළේ එරට පැවැත්වුණු විශාලතම වැඩ වර්ජනය මෙය බවය. කාන්තාවන්ට, පිරිමින්ට මෙන්ම සමාන වැටුප් හිමිවිය යුතු බවත්, රැකියා අවස්ථා හිමිවිය යුතු බවත්, වැඩ වර්ජනයට සහභාගී වුණු කාන්තාවෝ පෙන්වා දුන්හ.

විරෝධතා සහ වැඩ වර්ජන පැවැත්වුවත් ලෝකයේ කාන්තාවන්ට හිතකරම රට ලෙස වසර 14 ක් තිස්සේ ඉදිරියෙන්ම සිටින්නේ ද අයිස්ලන්තයයි.


RECOMMEND POSTS