අයි ෆෝන් 7 සඳහා ඩුබායිහිදී විශාල ඉල්ලුමක්

ස්මාර්ට් දුරකතන ලෝලින් මහත් ආශාවකින් බලා සිටි ඇපල් සමාගමේ iphone 7දුරකතනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළෙඳ පොළේද විශාලපෙරළියක් කළේය. එය වෙළෙඳ පොළට නිකුත් කළ මුල්ම දිනය වූයේ ඊයේ (17දා)ය.
ඩුබායි වෙළෙඳ පොළට එය නිකුත් කර සුළු මොහාතකින් සියල්ල අලෙවි විය. පාරිභෝගිකයෙන් බොහෝ දොනක් ආපසු ගියේ බලවත් සිත් වේදනාවෙනි.
වෙළෙඳ සැල් සිය්ලල කියා සිටියේ සියලු දුරකතන සුළු මොහොතක් තුළදී විකිණී අවසන් වූ බවය. කෙසේ වෙතත් දුර කතන කීයක් අලෙවි වීදැයි අනාවරණය නොවීය.
තුර්කියෙන් පැමිණි හුසේන් සෙලික් නම් ව්‍යාපාරිකයා කියා සිටියේ තම පවුලේ අය අළුයම හතරේ සිට පෝලිමේ ඉඳ Iphone 7 දුරකතන පහක් මිලදී ගත් බවය. එහෙත් ඔහුගේ පුතා සිටියේ I phone 7 plus දුරකතනයක් මිලදී ගැනීමට නොහැකිවීම ගැන තරමක් කනස්සල්ලෙනි.
එමිරේට් ව්‍යාපාරිකයකු වූ මොහම්මඩ්ද iphone 7 දුරකතනයක් මිලදී ගැනීමට නොලැබීම ගැන බලවත් කනස්සල්ලකින් පසුවිය. ‘මම කලින්ම දුරකතන හතක් ඇණවුම් කරලා තිබුණා. මම උදේ අට පහුවෙන කොටම ආවා. ඒත් දුරකතන සියල්ලම අලෙවි වෙලා දැන් මට හෙට උදේ වනතුරු ඉන්නට සිදුවෙනවා‘ ඔහු පැවසීය.
සමහර පාරිභෝගිකයන් සිකුරාදා පස්වරු 10.00 සිට පෝලිම් ගැසී සිටි බවත් ඔවුන් රාත්‍රියේ නිදා ගත්තේ ඇපල් සමාගමේ වෙළෙඳ සැල් ඉදිරිපිට බවත් ආරක්ෂක නිලධාරීහු පැවසූහ.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් දුරකතන නියාමන බඅධිකාරිය කියා සිටියේ දළ වශයෙන් සැම අබුඩාබි වැසියකුටම දුරකතන දෙකකට වැඩි සංඛ්‍යාවක් ඇති බවය.

