අයි.එස් නියෝජ්‍ය නායකයා ගුවන් ප්‍රහාරයෙන් මරුට



ඉරාක ගුවන් හමුදාව එල්ල කරන ලද ප්‍රහාරයකින් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායකක, අබු බකර් අල්- බැග්ඩැඩිගේ නියෝජ්‍ය නායකයා වශයෙන් සැලකු අයේද් අල්- ජුමයිලි, ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉරක බුද්ධි අංශ මාධ්‍ය අංශය ප්‍රකාශක කල බව ද ගාඩියන් වෙබ් අඩවිය සදහන් කලේය.

නමුත් ඉරක රාජ්‍ය රූපවාහිනිය මගින් විකාශනය කරන ලද මෙම ප්‍රවෘත්තිය සනාථ කිරීම සදහා සිකුරාදා සවස වන තෙක් සාක්ෂි නොතිබු බව ඇමරිකානු සහයලත් අයි.එස් විරෝධි සන්ධානය ප්‍රකාශ කලේය.  

ඉරාක ගුවන් හමුදාව එල්ල කරන ලද ගුවන් ප්‍රහාරය හේතුවෙන් ජුමයිල් සහ අනිකුත් අයි.එස් ත්‍රස්ත නායකයින් සිරියානු දේශසීමාව ආසන්නයේදී ජීවික්ෂයට පත්වූ බව  හමුදා බුද්ධි අංශ මාධ්‍ය ප්‍රකාශක රොයිටර් පුවත් සේවයට පවසා ඇත. 

ඉරාක ගුවන් හමුදාව විසින් සිරියානු දේශ සිමාව ආසන්නයේ ගුවන් මෙහෙයුම් දියත් කල අතර ගුවන් නියමුවන්ගේ නිවැරදි ඉලක්ය හමුවේ අයේද් අල්- ජුමයිලි  ඇතුළු අයි.එස් ත්‍රස්ත නායකයින්ට තම ජීවිතය අහිමි වී ඇති බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.


ජානක ප්‍රියදර්ශන ජයතිලක 
(ද ගාඩියන් පුවත් ඇසුරෙන්) 


RECOMMEND POSTS