අයි.එස් ත්‍රස්තයින්ට සහයදුන් පිලිපීන ජාතික කාන්තාවකට දස වසරක සිරදඬුවම්
ඉරාකය හා සිරියාව අයි.එස් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයන් සමග සම්බන්ධ පවැත්වීමේ චෝදනාව මත පිලිපීන ජාතික කාන්තාවකට වසර දහයක සිර දඬුවම් නියම කරන ලදී.
සිරදඩුවම් කාලය අවසන්වීමෙන් පසු රටින් පිටුවහල් කරන ලෙසට නියෝග කරන ලදී.
සෞදි අරාබියේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සැලසුම් කිරීම, ලිබියානු අයි එස් ත්‍රස්ත පිරිස සමඟ එකතු වීම සහ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම යන කාරණාවන් මත ඇය පසුගිය අගෝස්තු මසයේදි අත්අඩංගුවට ගන්නා ලදී.
1984දී උපත ලබා ඇති මෙම කාන්තාව ගෘහ සේවිකාවක් වශයෙන් සෞදි අරාබියට පැමිණ ඇත.
ආරක්ෂක අංශ විසින් කාලයක් තිස්සේ ඇගේ විද්්‍යුත් ලිපි පරීක්ෂාකර ඇති අතර එයින් ඇය අයි.එස් ත්රස්යින් සමග ඇති සම්බන්ධතාවය තහවුරු කරගැනීමට හැකිවී තිබෙනවා.
පොලීසිය විසින් ඇයගෙන් සිද්ධින් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී.
එහිදී ඇය ඕනෑම අවස්ථාවක ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමට සුදානමින් සිටින බව පෙලීසියට පාපොච්ඡාරණය කර ඇත.
(ජි.ඩි.එන් ඔන්ලියින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

