අයි.එම්.එෆ්. ප්‍රධානී ක්‍රිස්ටිනාට කොරෝනා

අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජියෝර්ජියේවා ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇත.
‘අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජියෝර්ජියේවා කොවිඩ් 19 ආසාදිතයකු බවත් ඇගේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පසුවන බවත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඇගේ මාධ්‍ය ප්‍රකාශක ගැරී රයිස් ය.
68 හැවිරිදි ක්‍රිස්ටිනා ද පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව තෙවැනි එන්නත් මාත්‍රාව ද ලබා ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශක ගැරී රයිස් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

