අයි .එස් ත්‍රස්ත පෙම්වතා මුණ ගැසීමට ගත් උත්සාහයට තරුණියකට වසර 4 ½ ක සිර දඩුවමක්





සිරියාවේ සිටින අයි .එස් ත්‍රස්ත සාමාජික රුසියානු පෙම්වතා මුණ ගැසීමට උත්සාහ කළ රුසියා ජාතික විසි එක් හැවිරිදි තරුණියකට එරෙහිව රුසියාවේ යුද අධිකරණය වසර 4 ½ ක සිර දඩුවම් නියම කරනු ලැබ ඇත.

මෙලෙස සිර දඩුවම් නියමවි ඇත්තේ වර්වරා කරලෝවා නැමති රුසියානු තරුණියකටය.

මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දර්ශන උපාධි හදාරන මෙම රුසියා ජාතික තරුණිය ඉකුත් වසරේ තුර්කියේ සිට සිරියාව පලා යාමට උත්සාහ කිරීමේදි තුර්කි ආරක්ෂක අංශ විසින් ඇයව අත් අඩංගුවට ගෙන රුසියා ආරක්ෂක අංශ වෙත බාර දෙන ලදී
පසුව ඇයට එරෙහිව රුසියානු යුද අධිකරණයේ නඩු පැවරූ අතර එම නඩු විභාගය අවසන් කරමින් මෙම සිර දඩුවම් නියම කළේය.නඩු තීන්දු ප්‍රකාශ කළ අවස්ථාවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ ආදරය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවය.
මේ අවස්ථාවේ ඇයගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනාම සිට ඇති අතර නඩු තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේදී එම රුසියානු තරුණ බොහොම සන්සුන් සිතින් සිට ඇතැයි ද සඳහන්ය.

යුද අධිකරණයේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රකාශ කර සිටියේ ලබා දුන් එම තීන්දුව ඉතාම ද්වේෂ සහගත , අයුක්ති සහගත නඩු තීන්දුවක් බවය.ඇය පැනවූ එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් යොමු කරන බවද ඉස්ලාම් රාජ්‍ය යක් බිහිකිරීම වෙනුවෙන් ඇයගේ පෙම්වතා අයි.එස් සංවිධානයට බැඳි ඇත.

 

තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS