අභ්‍යන්තර කටයුතු ඇමැති හොඳින්



මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණු පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අශාන් ඉක්බාල්ගේ තත්ත්වය බරබතල නොවන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණ රැළියේ දී වෙඩි තබමින් අශාන් ඉක්බාල් මරා දැමීමට කිසියම් පුද්ගලයකු උත්සාහ කළේ, අශාන් ඉක්බාල් ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි එල්ල වී ඇති චෝදනා හේතුවෙනි.

මෙම ඝාතන තැත සැළකිල්ලට ගෙන පාකිස්තාන දේශපාලඥයන් සහභාගී වන සියලුම දේශපාලන රැළිවලට ආරක්ෂාව ලබා දී ඇති බව එරට රජය කියයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS