අබුඩාබිහි සප්පු සංකීර්ණයක ගින්නක්

අබුඩාබිහි පිහිටි යාස් සප්පු සංකීර්ණය තුල ඇති අවන්හලක ගින්නක් හටගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
ගින්න හටගත් විගසම ගිනිනිවන භටයින් අදාල ස්ථානයට පැමිණ ගින්න නීවීමට කටයුතු කරන ලද අතර සිදුවීමට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට හැකිවී ඇත.
ගිනිගැනීමෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව අබුඩාබි සිවිල් ආරක්ෂක අධ්යක්ෂ, ජෙනරල් - කර්නල් මොහොමඩ් කියා සිටියේය.
ගිනීගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක

