අබුඩාබියේ මාරක රිය අනතුරකින් පස්දෙනෙක් මරුට



අබුඩිබියේ දි සිදුවු මාරක රිය අනතුරකින් ආසියානුවන් හතර දෙනෙකේ සහ එක් සෝමාලියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

හබ්සන් මාවතේදි වැරදි දිශාවෙන් ධාවනය කරන ලද කැබ් රථයක් ට්‍රක් රථයක් ස ම ග ගැටීමෙන් අනතුර සිදු වි ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබු කැබ් රථයක් ධාවනය කල රියදුරා ප්‍රතිකාර සදහා ෂයේඩ් නගරයේ පිහිටි රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ. 

මුලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කැබ් රථ රියදුරාගේ නොසැලකිළිමත් ධවනය නිසා අනතුර සිදුවී ඇති බවය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS