අබු ඩාබි මගී ආවරණ ගැන මගීන්ගෙන් චෝදනා



අබු ඩාබි නගරයේ මගී ආවරණවල වායු සමීකරණ නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා බලවත් දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුව ඇතැයි මගී ජනතාව චෝදනා කරති.

2008 වසරේදී අබු ඩාබි නගරයට වායු සමීකරණය කළ මගී ආවරණ හඳුන්වා දුන් පසුව මේවායේ පවතින අඩු පාඩු සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවලදී පැමිණිලි කළත් බලධාරින් ඒ සම්බන්ධයෙන් ගොළුවත රකින බව මගීහු පවසති.

මගීන් පවසන අන්දමට ඇතැම්  මගී ආවරණවල දොරවල අක්‍රියව පවතී. තවත් සමහරක වායු සමීකරණ යන්ත්‍ර හරිහැටි ක්‍රියාත්මක නොවේ. ඒ අතර තවත් මගී ආවරණ තුළට ජලය කාන්දුවෙයි.

නගරයේ ඇති මගී ආවරණ 50න් 16කම වායු සමීකරණ යන්ත්‍ර දෝෂ සහිතය. විශේෂයෙන්ම මුරූර් මාවතේ මගී ආවරණ 12කම වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ. ඊට අමතරව එයාර් පෝට් මාවතේ මගී ආවරණ දෙකකද අල් ෆලා වීදියේ මගී ආවරණයකද වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොවන බව දැන ගන්නට ඇත.

(ද නැෂනල් ඇසුරෙනි.)


RECOMMEND POSTS