අබ්බා නගරයේදි සිදුවු මාරක රිය අනතුරකින් සෞදි ශිෂ්‍යයින් තුන්දෙනෙකු මියයයි



සෞදි ශිෂ්‍යයින් හතරදෙනෙකු ගමන් ගත් කාරයක්, සෞදි අරාබියේ අසීර් පළාතේ අබ්බා නගරයේදි සිදුවු මාරක රිය අනතුරකින් එම කාරයේ ගමන්ගත් ශිෂ්‍යයින් තුන්දෙනෙකු මියගොස් තවත් ශිෂ්‍යයෙකු බරපතල තුවාල ලබා ඇති බව ජි.ඩි.එන්  ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.  

ශිෂ්‍යයින් දෙදෙනෙකු අනතුර සිදුවූ අවස්ථාවේදිම මියගොස් ඇත. 

මෙවුන් ගමන්ගත් කාරය අනතුර සිදුවීමෙන් අනතුරුව පෙරළි ගොස් ගිනිගෙන ඇති අතර එම ගින්නට හසුවීමෙන් අනිත් ශිෂ්‍යයා මියගොස් ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය. 

බරපතල තුවාල ලැබූ ශිෂ්‍යයාගේ තත්වය බරපතල බැවින් රෝහල් ගත කල බව රතුකුරුස සංවිධානයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් අල්-ෂරී ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවියට කියා සිටියේය. 
 
 (ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS