අපේ මිත්‍රත්වය පළුදු වෙලා නැහැ

මත ගැටුම් පැවැතියත්, තමා සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇති වුණු මිත්‍රත්වය කිසිදු ආකාරයකින් පළුඳු වී නැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, වියට්නාමයේ හැනොයි අගනුවරදී කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර හමුව බිඳ වැටීම සම්බන්ධයෙන් පුවත් පළ වී ඇති නිසාය.
හැනොයි සමුළුව එකඟතාවකින් තොරව අවසන් විය. කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර යළි හමුවක් පැවැත්වෙන්නේ කවදාදැයි යන්න අවිනිශ්චිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්ස්)

