අපිරිසිදුකම නිසා අබු ඩාබිහි ආපාන ශාලා 2ක් වැසීමට නියෝග



 

(අබු ඩාබි)

අපිරිසිදුකම සහ ආහාර ද්‍රව්‍ය ප්‍රමිතියට නොගැලපෙන අයුරින් ඇල්ලීම වැනි කරැණු කිහිපයක් නිසා මුස්තාෆා කාර්මික කලාපය 34 පිහිට මෙගා ආපන ශාලාව සහ හමාදාන් වීදියේ ඩ්රීම් ස්ටාර් ආපන ශාලාව අබු ඩාබිහි ආහාර පාලන අධිකාරිය විසින් වසා දමන ලදී.

මෙම ආපන ශාලා දෙකම අබු ඩාබි ආහාර පාලන අධිකාරිය විසින් පනවනලද ආහාර පුමිතියට අනුකූලව කටයුත කිරීමට අපොහොසත් වී ඇත.

කෘමි සතුන් ගැවසීම, අපිරිසිදුභාවය, ආහාර සඳහා සුදුසු භාජන නොතැබීමසහ ගබඩා ප්‍රෙද්ශයේ ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොතිබීම යන කරැණු මත මෙගා ආපන ශාලාවට එරෙහිව පියවර ගෙන ඇත.

ඩ්රීම් ස්ටාර් ආපන ශාලාව වැසීමට හේතුවී ඇත්තේ පිරිසිදුකම සහ අපද්‍රව්‍ය බැර කිරීම පිළිබඳව නොසැලිකිලිමත් වීම මස්වර්ග සහ කුකුළු මස් ශීත කිරීම සඳහා වැරදි ක්‍රම අනුගමනය කිරීම, පිසින ලද ආහාර සහ අමු ආහාර නොසැලකිලිමත් ලෙස තැබීමසහ ආපන ශාලාවේ බිම පළුදු වී තිබීම යන කරැණුය.

මෙම අඩුපාඩු සහ දුර්වලතා නිවැරදි කර ගතහොචත් එම ආපන ශාලා යළි විවෘති කරීමට අවසර දෙන බව ආහාර පාලන අධිකාරිය පවසයි.


RECOMMEND POSTS