අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
(අංජුල මහික වීරරත්න)
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා.එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතුයි.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන්.
ගොවියන් ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා.සියලුම ජනතාවට ඒ සඳහා සුවිශේෂී භූමිකාවක් තිබෙනවා.
තැලෙන පෑගෙන යටත් වැසියකු නොවී ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කර කර ගන්න නම් අප සියලු දෙනා එක්ව මව්බිම වෙනුවෙන් කැපි විය යුතුව තිබෙනවා.
වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ ජාතික ආත්මය පවිත්‍ර කිරීම සඳහා ඔබට අත්හළ නොහැකි වගකීමක් තිබෙනවා.
අපට වගකීමේ යෂ්ටිය බාර වූ පරිද්දෙන් අනාගත දිනක වගකීමෙන් ඒ ඔබට බාර කරනු ලබනවා.
ඔබට අප විසින් භාර දෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක්.ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්ති සහගත බවක් නැහැ.අප එසේ නොකළ බවට අනාගතය සාක්කි දරනු ඇත.
අනාගත සිහිනය අප එක්ව සැබෑ කර ගනිමු.අප මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොමැකෙන නමක් සටහන් කරන ගමනක්.අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය
නොහැකියි.නමුත් අපට සමානාත්මතාවය සහ නිදහසේ ආදර්ශය රැගත් පොහොසත්ම රාජ්‍ය බවට පත්විය හැකියි හැකියි.