අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු මරණ



අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු මරණ වාර්තා වීමට පටන්ගෙන තිබේ. මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි.

ස්පාඤ්ඤයෙන් එක් මරණයක්  සහ බ්‍රසීලයෙන් එක් මරණය බැගින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලෝකය වඳුරු උණ වසංගතයකට මුහුණ දීමට පටන් ගත්තේ මෙම 2022 ජනවාරියේය. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

වඳුරු උණ අප්‍රිකාවට පමණක් සීමා වු වයිරසයක් වන නමුත් එය හිටිහැටියේ ලොව පුරා ව්‍යාප්ත වීම විද්‍යාඤයන්ගේ ද මවිතයට හේතුවක් වී තිබේ.

ජනවාරියේ ආරම්භ වුණු වසංගයෙන් මරණ පහක් සිදුවිය. ඒ මරණ පහ වාර්තා වූයේ අප්‍රිකා කලාපයෙනි. ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන් මරණ වාර්තා වීමත් සමග සමස්ත වඳුරු උණ මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS